එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවතට

Share

ඉතිහාසයේ පළමු වතාවට ලෝක බලවතෙකුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කිරීම කැපී පෙනෙන ලක්ෂණයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඊයේ ඉවත් කළා.

එහි සාමාජිකත්වය අහිමි වූ දෙවන රට රුසියාවයි.

මීට පෙර 2011 වර්ෂයේදී ලිබියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කරනු ලැබුවා. රුසියාව යුක්‍රේන භූමිය තුළ සිදුකරන යුද අපරාධ පදනම් කරගෙනයි මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ.

තවමත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් පුටින් අදහස් දක්වා නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ප්‍රසාදය පළ කරනවා. ඔහු පවසන්නේ මෙය ඓතිහාසික ඡන්දයක් බවයි.

Read more

Local News