ඉන්ධන නීති විරෝධීව වැඩි මිළට අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.04.11 වන දින වත්තල පොලිස් වසමේ අංක 15/03/01, දික්ඕවිට, හැදලවත්ත ලිපිනයේ පිහිටි Oil Mart වෙළදසැල තුළ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1415 ට පෙට්ට්‍රල් ඉන්ධන ලීටර් 30 කට අධික ප්‍රමාණයක් නීති විරෝධීව ගබඩා කර වැඩි මිළට අලෙවි කරමින් සිටි හැදලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News