විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය වෙළඳාමක් අතරතුර දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසා ගිනි අවි පෙන්වා අත්විලංගු යොදා අමානුෂික ලෙස පහර දී මුදල් රුපියල් 228,000.00 ක් මංකොල්ල කෑමක් සම්බන්ධ සිද්ධියකට අනුව ලිඛිතව හා වාචිකව ලද තොරතුරක් මත මෙහෙයුම් දියත් කරන ලදී.
එහි දී ස්ථාන හතරක දී මාකොල, කඩුවෙල, වැලිපැන්න, අතුරුගිරිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23, 26, 30, 30 වයස් වල පසුවන සැකකරුවන් සිව්දෙනෙකු සමඟ එම සිදුවීමට අදාල වෑන් රථයක්ද, ස්කූටර් යතුරු පැදියක්ද, දුරකථන ඇමතුම් පටිගත කල සංයුක්ත තැටි 02 ක්ද, සැකකරුවන්ගේ ජංගම දුරකථන 04 ක්ද, අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







