IOC ඉන්ධන මිල යළි ඉහළට

Share

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියලුම වර්ගවල පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 35 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු 338.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු 367.00
ඉයුරෝ 3 පෙට්‍රල් ලීටරයක නව මිල රු 347.00

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු 289.00
සුපර් ඩීසල් ලීටරයක නව මිල රු 327.00

Read more

Local News