පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
නමුත් පොදු ප්‍රවාහනයේදී හා ගෘහස්ථ උත්සව අවස්ථා ආදී ජන ඒකරාශී වීම් අධික ස්ථානවල තවදුරටත් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



