රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට මාස දෙකයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට මාස දෙකක් සම්පුර්ණ වෙනවා.

මේ මාස දෙකට ජීවිත දස දහස්ගනනක් අහිමිවුණා. යුක්‍රේනයට සේම රුසියාවටද ජිවිත අහිමිවීම් සහ ආර්ථික බිඳවැටීම්වලට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.

අතිවිශාලතම හානියට මුහුණ දීමට සිදුව ඇත්තේ යුක්‍රේනයටයි. ජීවිත සේම බොහෝ දේපල විනාශ වී අවසන්. ලක්ෂ 50 කට වැඩි පිරිසක් සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලාගිහින්.

ඒ අතර වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවනුයි. සිදුවූ ජීවිත හානි මෙතෙක් ඇත්තටම නිශ්චිතව ගණන් බලා නැහැ. යුක්‍රේනය තුළ මරණ සංඛ්‍යාව දළ වශයෙන් 20,000 – 40,000ක් අතර විය හැකි බව උපකල්පනය කර තිබෙනවා.

යුක්‍රේනය තුළම දළ වශයෙන් ලක්ෂ 60කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි වාර්තාවන්නේ.

මාස දෙකක් ගතවන තැන යුක්‍රේනයේ සමහර නගර සුන්බුන් ගොඩක් විතරයි. මේ ආක්‍රමණය තවමත් අවසන්වන ලකුණු පේනතෙක්මානයකවත් නැහැ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ යුක්‍රේනයට ගොස් තිබෙනවා. එසේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් හෙට රුසියාවේදී පුටින් හමුවීමට නියමිතයි.

Read more

Local News