චීන තානාපති සහ නැඟෙනහිර ආණ්ඩුකාර අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවක් කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පසුගිය ඉරිදා (24) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට අයත් China National Petroleum Corporation “Petrochina” සමාගමෙන් තෙල් නැව් 19ක ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 730,000ක් එවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය.

මෙරට ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා කිවේය. කොවිඩ් රෝගයෙන් පීඩා විදින කාලය තුළ එන්නත් කිරීමේ වැඩසටහනෙන් 71%ක් ආවරණය වන පරිදි මාත්‍රා මිලියන 26කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

Read more

Local News