කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Share

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් වේරවිල් ප්‍රදේශයේ කේරළ ගංජා තොගයක් සඟවා තිබෙන බවට යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත 2022.05.01 වන දින අළුයම 0100 ට පමණ යුධ හමුදාව විසින් කේරළ ගංජා සඟවන ලද පාර්සල් 60 ක් සොයා ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බව සැක කරනු ලබයි.

සොයා ගන්නා ලද කේරළ ගංජා තොගයේ සම්පූර්ණ බර කිලෝ 129 ග්රෑම් 880 ක් වන අතර, එහි වටිනාකම කෝටි දෙකහමාරක් පමණ වන බවට අනුමාන කරනු ලබයි.
මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා ජෙයපුරම් පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Read more

Local News