කොළඹ ක්‍රමයෙන් සන්සුන් වෙයි

ඊයේ (09) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමාන්‍ය මට්ටමට පත්ව ඇති බව වාර්තා වනවා.

අද අලුයම කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලදී හිටපු අගමැතිවරයාට සහාය දක්වා මිනිසුන් ප්‍රවාහනය කළ බස් රථ බොහෝමයක් විනාශ කර දමා තිබූ අයුරු දක්නට ලැබුණා.

කෙසේවෙතත් මේ වන විටත් කොළඹ නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි වාර්තා වන්නේ. ගැටුමට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවත්, සන්සුව සිටින ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version