හම්බන්තොට වරාය සේවකයින් 135 දෙනෙකුට වරාය අධිකාරියේ ස්ථිර පත්වීම්

හම්බන්තොට මාගම්පුර වරාය ප්‍ර‍තිව්‍යූහගත කිරීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සේවක වෘත්තීය සමිති අතර ඇති කරගත් එකඟතාවය මත සේවකයින් 135 දෙනෙකුට වරාය අධිකාරියේ ස්ථිර පත්වීම් ලබාදීමටත් අනෙකුත් සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ලබාදීමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කොට ඇත.
අදාළ පත්වීම් ලබාදීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍දානත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ පැවති උත්සවයකදී සිදුකෙරිණ.
Exit mobile version