පොසොන් පොහොය අදයි

Share

බුදු දහම රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් ගණ බුදුරැස් විහිදීම, 3වන ධර්ම සංඝායනාව පැවැත්වීම පොසොන් පොහොය දිනයේ සිදුවී තිබෙනවා.

උත්ථිය, සම්බල, බද්ධසාල හිමිවරුන්, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකතුමා ඇතුළු ධර්ම දූතයින් පිරිවරාගත් මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයට වැඩම කිරීමට අද වැනි පොහොය දිනයක සිදුව තිබෙනවා.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සියත අමා වැස්ස පෝදා සදහම් වැඩසටහන් සජීව විකාශය ද අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිදුන් අභියස පැවැත්වේ. සියත TV ඔස්සේ අද දවස පුරා ඔබ සැමට ඒහා එක්විය හැකිය.

Read more

Local News