විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.06.14 වන දින වත්තල පොලිස් වසමේ වත්තල කාර්ගීල්ස් සුපිරි වෙළදසැල අසල දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01, ග්‍රෑමි 20 ක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු මහත් පරිශ්‍රමයක් දරා උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අයිස් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වෙි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.



