ඉන්ධන පෝලිමක තවත් මරණයක්

පානදුර, වෑකද ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් ඇත.

එම පුද්ගලයා සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැදී සිටියදී අද (16) අලුයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.

Previous articleඅද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 ක්
Next articleදෙල්කඳ මංසන්දියෙන් හයිලෙවල් මාර්ගය අවහිර වෙයි