ඉදිකිරීම් අවසන් අදියරේ ඇති ජල ව්‍යාපෘති වහාම කඩිනම් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම්

Share

ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී.

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමටයි එහිදී සැලසුම් කෙරුණේ.

එම ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කරගැනීමටත් මෙහිදී තීරණය වුණා. දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘති ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විමසා සිටියා.

Read more

Local News