පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) උමාර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) මහතා පවසයි.
ඊයේ (17) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේය.



