කොළඹ පාසල් සතියකට වැසෙයි

Share

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගර සීමාවේ සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම සතිය තුළදී අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවත් එම කාලය තුළ දහවල් කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා ‍කොමිෂමෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යංශ ලේකම් එම්.එන් රණසිංහ පවසා සිටියා.

Read more

Local News