ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

Share

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ තුන්වන එක්දින තරඟයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 49 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Read more

Local News