අද වැසි වාර කිහිපයක්

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

වයඹ පළාතේත් ගම්පහ, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

යාපනය දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version