කොටුවත් උණුසුම් – විරෝධතාකරුවන් පිරිසක් පොලීසියට භාර වෙයි

Share

ගාලුමුවදොර අරගලයට අදට දින 75ක් සපිරෙනවා.

මේ අතර ගාලු මුවදොර අරගලයේ නිරත නව දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළ බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම වරෙන්තු නිකුත් කළ නවදෙනා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද අරගල භූමියේදී විරෝධතාවයක් පැවැත්වුණා.

එහිදී විරෝධතාකරුවන් එලෙස වරෙන්තු නිකුත් කළ නවදෙනා සමඟ කොටුව පොලිසිය වෙත භාරවීමට පාගමනින් කොළඹ කොටුව වෙත ගමන් කළා.

Read more

Local News