රිය අනතුරකින් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු මරුට

Share

සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන ලබා දීම අද ආරම්භ වුණා.

කෙසේ වෙතත් ඉන්ධන මේ කියන පරිදි ලැබෙන්නේ නැති බවයි සෞඛ්‍ය කාර්යමණ්ඩල පවසන්නේ.

අදත් රට පුරාම ඉන්ධන පෝලිම්.

වටිනා මිනිස් ජීවිතවල අවසන් හුස්ම මහපාරේ හෙලන්න වෙන තැනට අපේ මිනිසුන්ගේ ඉරණම පත්වෙලා.

එවැනි අවාසනාවන්ත සිද්ධියක් අද අනුරාධපුරයෙන් වාර්තා වුණා.

ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු රිය අනතුරකට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Read more

Local News