කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත ඉඳුරුව ප්‍රදේශයේ තිබී පෙට්‍රල් ලීටර් එකසිය විස්සක් සොයාගෙන තිබෙනවා.
රටේ තැන තැන ඉන්ධන නිසා ගැටුම් ඇතිවන පසුබිමක ඉන්ධන පෝලිමේ පිරිසකට කිරිබත් දුන් පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වුණා. කිරිබත් හැට පන්දහසක් මෙහිදී බෙදා දීම අගය කළ යුතුයි.
මෙයට මුල් වූයේ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවයි.
තෙල් පෝලිම් වගේම අපේ රටේ තවමත් දිගු ගෑස් පෝලිම්. ලබන හය වනදා තෙක් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට පෝලිමේ රැඳී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලිට්‍රෝ හිඟය පැවතුණත් ලාෆ් ගෑස් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.



