සහල් සහ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම වළක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සහල් සහ වී ඍජුව හෝ අනියම් ආකාරයකින් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම, එම නිෂ්පාදන සඳහා අලෙවි කිරීම, තොග රැස් කර තැබීම, ප්‍රවාහනය ඇතුළු කරුණු කාරණ කිහිපයක්ම තහනම් කොට ඊයේ (24) දිනයේ දී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.




