අද සිට ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි.
මෙය එළඹෙන ජුලි දසවනදා දක්වා ක්‍රියාත්මකයි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය මේ අත්‍යවශ්‍ය සේවා යටතට නම් කර නැහැ.
මේ නිසාම හෙට දිනයේ සිට සමස්ත රටේම විදුලිබල සේවය අඩාල වන බවයි විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර ඇමති කංචනගේ සැලැස්මක් නැති ටෝකන් ජනතාව දැඩි අපහසුතාවයකට පත් කර තිබෙනවා.
එළඹෙන දහ වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඇමති බන්දුල මාධ්‍යට ඇවිත් අත්‍යවශ්‍ය සේවා ගැනත් පැහැදිලි කළා.
ඒ අනුව වරාය නැව්තොට, සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම්, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය ආදියයි අත්‍යවශ්‍ය සේවාවන් යටතට ඇතුළත් වුණේ.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළව අද ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වුණා. ඒ යුධ හමුදා අධීක්ෂණය යටතේයි.



