ජනතා පීඩනය මහ පාරට

Share

ජනතා පීඩනය දැන් මහ පාරට ඇවිත්.

ඉන්ධන අර්බුදය, ගෑස් හිඟය ඉහළ යන බඩු මිල සහ ජීවන වියදම දැන් ජනතාවට දරාගන්න බැරි තැනට පත්වෙලා.

මේ ජනතාව හඬගා කියන්නෙත් එක්කෝ මේ අර්බුදවලට විසඳුම් දෙන්න. එහෙම බැරිනම් ආණ්ඩුවට ගෙදර යන්න කියලයි.

රට පුරා ප්‍රදේශ රැසක ඊයේ මෙන්ම අදත් ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වුණා.

මේ ජනතාව විරෝධතාවල නිරත වන්නේ ඉන්ධන අර්බුදය, ඉහළ යන බඩු මිල, බෙහෙත් නැතිකම වගේම දරා ගත නොහැකි පීඩනය හමුවේයි.

රටේ පවතින අර්බුදවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අම්බලන්ගොඩ ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වුණා.

බලංගොඩ නගරයේදී ද විරෝධතාවයක් පැවැත්වුණේ රටේ අර්බුදවලට විසඳුම් දෙන්න බැරි නම් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින්.

Read more

Local News