ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.06.29 වන දින ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් සන්තකයේ තබාගෙන සිටි බෙලගන්වැව, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News