සෞඛ්‍ය ක්ෂේත්රයට ඉන්ධන නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මකයි.
එසේ ඉන්ධන ලබා දෙන්නේ නම්කල පිරවුම්හල් අනූ දෙකකින්.
ඉන්ධන නැතත් බස් ගාස්තු වැඩි වීමත් අද සිට ක්‍රියාත්මකයි. නමුත් බස් ධාවනය අඩාල වෙලා. ජනතාව කබලෙන් ලිපට වැටිලා.
ලංකා අයි ඕ සී සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් එකසිය පනහකට පමණ ඊයේ ඉන්ධන නිකුත් කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ ටැංකි රථ අසූවකින් පමණ ඊයේ බෙදාහැරීම් සිදුකළ බවයි.
සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛත්වය දීම මත අද ඉන්ධන පිරවුම්හල් අනූ දෙකක් නම් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කෙරුණේ මේ ආකාරයෙන්.
මේ අතර සෞඛ්‍ය අංශ සේවකයින් සඳහා ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමත් සමඟ ගාල්ල ප්‍රදේශයේ දී උණුසුම්කාරී තත්වයක් හට ගත්තා.
ඉන්ධන ලබාදෙන බවට පැවසුවත් දින හතරක් පුරා පානදුර ඉන්ධන පිරවුම්හලේ අදත් දිගු පෝලිම්.
මේ හේතුවෙන් බණ්ඩාරගම නගරය ආසන්නයේ අතුරු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඉන්ධන පෝලිම්වල දින ගණන් සති ගණන් රැඳී සිටියත් ටෝකන් ක්‍රමය නිසා අදත් උණුසුම්කාරී තත්වයක් හටගත්තා.



