මේ අතර සියයට විසි දෙකකින් ඉහළ නැංවූ නව බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව අවම බස් ගාස්තුව අද සිට බලපැවැත්වෙන පරිදි සටහන් වන්නේ රුපියල් හතළිහක් ලෙසයි.
බස් ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය අසාධාරණ බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
බස් ගාස්තු ඉහළ දැම්මත් තෙල් හිඟය හේතුවෙන් බස් ධාවනය දැන් අඩාල වෙලා. මේ නිසාම ජනතාව කබලෙන් ලිපට වැටිලා.
ප්‍රවාහනය අඩපණ වීමත් සමඟ මේ වන විට විද්‍යුත් යතුරුපැදි සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා.



