ජූනි මාසයේ උද්ධමනය 54.6% යි – වාර්තාගත ඉහළම උද්ධමනය

Share

ජූනි මාසයේ උද්ධමනය 54.6% බව මහ බැංකුව පවසනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මතයි මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම මත මෙලෙස ජූනි මාසයේ උද්ධමනය සියයට පනස් හතරයි දශම හයක් ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදයත් සමගින් සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ යාම මෙම උද්ධමනයට හේතු වී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ඊයේ සවස මීගමුව නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුණා.

Read more

Local News