පසුගියදා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුවයි එහි නියෝජිතයින් පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පිටව ගොස් ඇත්තේ.
රැඳෙවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගියදා උණුසුම්කාරී තත්වයක් හට ගත්තා.
එහිදී රැඳවියන් පිරිසක් පලා ගිය අතර මේ වන විට ඉන් හයසිය හැට හත් දෙනෙකු බන්ධනාගාර ගත කර තිබෙනවා.
තවත් රැඳවියන් පනස් අට දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සියතට ප්‍රකාශ කළේ.
පලායාමෙන් පසු අත්අඩංගුවට පත් රැඳවියන් මේ වන විට පොළොන්නරුව, අනුරාධපුර, දුම්බර, මඩකලපුව යන බන්ධනාගාරවල රැඳවීමට කටයුතු කර තිබෙනවා.



