පෙට් ස්කැනර් යන්ත්‍රය අප්‍රේල් මස 01 දා ජනතා අයිතියට සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් 01දා සිට සේවා කටයුතු ආරම්භ කරන බවයි.
මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එය ලබන අප්‍රේල් මස 01 දා ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සෞඛ්‍ය අැමතිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
 මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටිති.
Exit mobile version