කොළොන්නාවේ සිට පැමිණෙන ප්‍රධාන ජල නල පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් අද (03) පෙරවරුවේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩාල වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, නාවල පාර සහ විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගවල ජල සැපයුම මෙලෙස ඇනහිට ඇත.



