අද (04) සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර ඇත.
ඒ අනුව කොන්සියුලර් සේවාවන් සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.



