ඉන්ධන නිසා අදත් ප් රදේශ කිහිපයක්ම උණුසුම් වුණා. බණ්ඩාරගම, පානදුර මාර්ගයේ අයි ඕ සී පිරවුම්හලට දින තුනකට පසු ඉන්ධන ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශය සේවා සඳහා ඉන්ධන නිකුත් කරන බව පවසමින් ජනතාවට පෝලිමේ ඉන්න සිදුවීමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් හටගත්තා.
ඉන්ධන බෙදා හැරීම අවසන් වීමත් සමඟ හැටන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගත්තා.
මේ අතර ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම සහ ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර කවරේද? යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන දොළොස් වනදාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළා.
ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවීමෙන් අනතුරුවයි.
ලංකා අයිඕසී සමාගමේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පුළුල් කර තිබෙනවා.
එහි විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ දිනයේදී මිලියනයක් නිකුත් කර ඇති බවයි.



