සාමාන්‍ය ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා පොලිසියේ සහයට හමුදා නිලධාරීන් යෙදවීම
රටේ පවතින ඉන්ධන අර්බුදය සහ එහි බෙදා හැරීමේ කටයුතු සඳහා සහය වීම පිණිස රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිසියට සහය වීම සඳහා යුද්ධ හමුදා පනතේ විධිවිධාන වලට අනුකූලව රාජකාරීන් සඳහා කැදවා ඇත.
ඉන්ධන බෙදාදීම වඩාත් පාරදෘශ්‍ය ආකාරයෙන් සිදුකිරීම සඳහාත්, ඉන්ධන පිරවුම්හල්හි සිදුවන බවට දැනට පොලිසිය මගින් ද තහවුරුකරගෙන ඇති විවිධ අක්‍රමිකතා සහ විවිධ අරමුණු සහිත පිරිස්වල අවීනීත, උද්වේගකර මෙන්ම කලහකාරී සිදුවීම් නිසා පොලිසිය අපහසු තාවයට පත්නොවන තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා විනිවිදභාවයෙන් යුක්තව කටයුුතු කිරීම සඳහා එම ස්ථානවල රාජකාරි සඳහා භටපිරිස් යොදවා ඇත.
එලෙස කැපකිරීම් කරමින් සිටින හමුදා සාමාජිකයින් රාජකාරිමය වශයෙන් මහත් අපහසුතාවයන්ට පත්වන අයුරු ජනමාධ්‍ය හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් සංසරණය වන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරීක්ෂණය කරන අතර, එවැනි ඇතැම් වීඩීයෝ සහ සමාජ මාධ්‍ය පලකිරීම් එම සිදුවීම්වල යථාර්තය අර්ධ වශයෙන් හෝ විකෘතිකර හෝ යම් යම් පිරිස්වල න්යායපත්රයන්ට අනුගත වන පරිදි හෝ ප්‍රචාරය කරනු ලබන බවද නිරීක්ෂණය වන අතර, එවැනි උත්සාහයන් මූලික මාධ්‍ය ආචාර ධර්මවලට පවා පටහැනි වේ.
එවැනි ආසන්නතම උදාහරණයක් වූයේ දොරහිටියාව පොලිස් වසමේ යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමයි. බීමත් සිවිල් වැසියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම වෙනුවට යුද්ධ හමුදා සාමාජිකයාගේ කලහාකාරී ස්වභාවය පමණක් මාධ්‍ය තුළ හුවාදක්වමින් ප්‍රමුඛත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නියෝගය මත ආරක්ෂක සේනා මූලස්ථානය- බටහිර විසින් මෙම සිදුවීම සම්බන්ධව විධිමත් ලෙස විමර්ශණය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල මූලික පරීක්ෂණ උසාවියක් වහාම පත් කරන ලදී.
මේ අතර, අදාළ සිවිල් වැසියාද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. එම පරීක්ෂණ වල නිගමන වලින් අනතුරුව හමුදා සාමාජිකයා හා සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට යුද්ධ හමුදාව කටයුතු සිදුකරනු ලබයි. තවත් එවැනි සිදුවීමක් ලෙස ඇඹිලිපිටියේ හමුදා සාමාජිකයෙක් හට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම ද පෙන්වා දිය හැක. මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
එම දුෂ්කර තත්ත්වයන් යටතේ සිය සේවය උපරිමයෙන්ම මහජනතාව වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත යුද්ධ හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කටයුතු කරන අතර, කුමන තත්ත්වයන් යටතේ හෝ වුවද සිය යුතුකම් ඉටුකිරීමට යුද්ධ හමුදාව කැපවී සිටින බව මහජනතාව වෙත සපථකර ප්‍රකාශකරන අතර, අප සමාජයෙහි මෑත ඉතිහාසයේ දරුණුතම අර්බුදකාරී මේ අවස්ථාවේදී ඉතාම සංසුන්ව සහ මනා අවබෝධයෙන් කටයුතු කරමින් තවදුරටත් ඔබ වෙනුවෙන් කැපවන ඔබගේ හමුදා සාමාජිකයින් ආරක්ෂාකර ගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය සහ උපකාරය ලබාදෙන ලෙස ද ඉතාමත් කරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටිනු ලැබේ.



