කොවිඩ් උවදුර සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවත් හැකි ඉක්මනින් තුන්වන එනනත් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගත් අය වේ නම් 4වැනි එන්නත් මාත්‍රාව ලබා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, කොවිඩ් උවදුර ඉවර නෑ .4වෙනි එන්නත ගනිමු යන මැයෙන් අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
දැනට ශ්‍රි ලංකාව තුළ ප්‍රාථමික එන්නත 98% – 100%ත් අතර වයස අවුරුදු 21 ක වැඩි පිරිස සාර්ථකව ලබා ගෙන ඇතැයි පැවසූ අධ්යක්ෂ ජනරාල්තුමා ,තුන්වන මාත්‍රාව ලබා ගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් මිලියන 7.9 පමණක් බවද පැවසීය.
එසේම තුන්වන මාත්‍රාව එන්නත්කරණයෙන් මාස 03කින් පසු 4 වැනි එන්නත් මාත්‍රාව ලබා ගත හැකි බවත් වයස අවුරුදු 60ට වැඩි පිරිසට සහ විදේශ රැකියා සඳහා යන ඇතැමුන්ට එම රටවලට යාමට 4 වැනි එන්නත ලබා ගැනිම අනිවාර්ය වී තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්තුමා පැවසීය.
නැවත වරක් කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් තිබෙන බවත් එයින් වැළකීමට ඇති හොඳම ක්‍රමය කොවිඩ් එන්නත ලබා ගැනිම බව කී අධ්යක්ෂ ජනරාල්තුමා , එයින් දරුණු රෝග තත්ත්වයන් සහ මරණයට පත්වීම ඉතාම අල්ප වී ඇති බව පැවසුවේය.



