අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.



