විරෝධතාවකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Share

භික්ෂුන් වහන්සේලා, ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් පිරිසකට ස්ථාන කිහිපයක රැඳී සිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවතට ඇතුළුවීම, ඕල්කට් මාවත බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුව පොලිස් වසමේ වෙනත් ස්ථානවල රැඳීසිටිමින් එහි ගමන් ගන්නා මහජනතාට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවයක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා එම නියෝගය නිකුත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News