ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

Share

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ සිදුකළ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවකදී මොවුන් දෙදෙනා ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති අතර ඔවුන් දෙදෙනා දින 5ක කාලයක් හුදකලා කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

සංචාරක ඔස්ට්‍රේලියා සමඟ දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට (08) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News