තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක්, විශාල ප්‍රමාණයේ කහතොගයක්, වීදේශිය මත්පැන් බෝතල් රැසක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ii නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.05 වන දින කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ, ස්ටෙපන්ස් ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී පැය 14 20 ට තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදය සටහන් කර නොමැති Manchester වර්ගයේ දුම්වැටි වටිනාකම කොටි දෙකහමාරක් වටිනා ත්‍රීරෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අංක 60 A, වේවැල්දුව පාර, හුනුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි නිවස තුල විදේශීය මත්පැන් වටිනාකම ලක්ෂ පනහක්වන හා බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයන කරන ලද කහ තොගයක් වටිනාකම ලක්ෂ තිහක් වන භාණ්ඩ තොගය හමු වී ඇත. මේ සම්බන්ධනයෙන් නායාපාන වත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් මුළු භාණ්ඩවල මුළු වටිනාකම කෝටි තුනකට අධික වෙි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) Manchester වර්ගයේ දුම්වැටි 40,000 යි.
2) HIGHLAND QUEEN වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 720 යි.
3) බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයන කරන ලද කහ කි.ග්‍රෑ. 4,700 යි.



