පාස්පෝට් පෝලිමේ දරු උපතක්

Share

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි කාන්තාවක් එහිදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ සිට පැමිණි මෙම ගැබිණි කාන්තාව පෝලිමේ සිට වැසිකිලියට ගිය අවස්ථාවක ප්‍රසූත වේදනාව උත්සන්න වී කෑගසා ඇති අතර, එහි සිටි වෙනත් කාන්තාවක් විසින් මේ සම්බන්ධයෙන් එහි සිටි ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන හමුදා නිලධාරිනියන් පිරිසක් එම ස්ථානයට යන විටත් ඇය ප්‍රසූතිය ආරම්භ කර ඇති අතර, කඩිනමින් ගිලන් රථයකින් ඇය කොළඹ කාසල් රෝහලට ඇතුළත් කළ කර තිබෙනවා.

Read more

Local News