ඉන්ධන පිරවුම්හලක ගැටුමකින් පුද්ගලයෙක් මරුට

Share

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසනවා.

ගැටුමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙක් වන අතර සිද්ධියෙන් තවත් පුද්ගලයින් තිදෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මෙම සිදුවීම වාර්තා වන අතර තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Read more

Local News