ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි මැතිවරණ රැලියක දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ. හිටපු අගමැතිවරයාගේ තත්ත්වය බරපතල බවයි පැවසෙන්නේ.