ඉන්ධන නිසා අදත් රටම උණුසුම්

Share

පෑලියගොඩ අයි ඕ සී ඉන්ධන පිරවුම්හලේත් උණුසුම් තත්වයක් ඇතිවුණා. ඒ පොලිස් නිලධාරීන් ටෝකන් පත් රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණීමත් සමගයි.

ගල්ගමුව නගරයේ සමුපකාර අයි ඕ සී ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට ජනතාව දින හතක් පුරා පෝලිමේ රැඳී සිටිනවා. ඒ ටෝකන්ද අතැතිවයි.

මේ හේතුවෙන් පෝලිම්වල රැඳී සිටින ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර හිඟුරක්ගොඩ පොලිසියෙන් කළ සෝදිසි මෙහෙයුමකදී හිඟුරක්ගොඩ නගරයේ නිවසක සඟවා තිබියදී පෙට්‍රල් බූලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බූලි හයක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් එකසිය විස්සක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Read more

Local News