අදත් රට පුරා විරෝධතා

Share

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් තවමත් රට පුරා විරෝධතා පැවැත්වෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම, විදුලි කප්පාදුව සහ ජීවන වියදමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයක් පානදුර ගොරකාන ප්‍රදේශයේ දී පැවැත්වුණා.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ තවත් විරෝධතාවයක් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී පැවැත්වුණා.

පන්දම් දල්වමින් ඔවුන් මෙම විරෝධතාවය ආණ්ඩුවට එරෙහිව පලකර සිටියා.

ජනතාවගේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවති ජනතා විරෝධතාවයක් බලපිටිය නගරයේ දී සංවිධානය කර තිබුණා.

ජන පීඩක ආණ්ඩුව වහා ඉවත්වන ලෙස බල කරමින් පොලොන්නරුව බැඳිවැව ප් රදේශයේ අද විරෝධතාවයක් පැවැත්වුණා. කළු කොඩි රැගෙන ආණ්ඩුවට විරෝධතාකරුවන් සිය විරෝධය පළකර සිටියා.

Read more

Local News