විරෝධතාවලදී තුවාල ලැබූ 55 ක් ජාතික රෝහලේ

Share

ඊයේ (09) පැවති මහජන විරෝධතා අතරතුර තුවාල ලැබූ 55 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

මෙම තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරින් සහ කාන්තාවන්ද සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙක් හා තවත් මොට ආයුධවලින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read more

Local News