බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යාමට සුදානම්ව සිටි 17 දෙනෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ටි.එම්.එම්.යු.කේ.බි. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.11 වන දින ඒරාවුර් පොලිස් වසමේ පුණ්ණකුඩි මුහුදු වෙරළ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 0030 ට ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස බොට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලා පිටව යාමට සුදානම්ව මුහුදු තිරයේ රැදි මුලතිව් පෙදුරුතුඩුව, යාපනය, වව්නියා, කිලිනොච්චිය, වැල්වැටිතුරෙයි යව ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 29 ක කාන්තාවක් සහ පුද්ගලයින් 16 දෙනෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයකු රුපියල් දාහත් ලක්ෂ දාහදාහක මුදලක් සහ වැන්රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒරාවුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම කලාපය තුල නිරන්තර සෝදිසි කිරීම් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කරනු ලබන අතර මෙවැනි වැටලීම දිගින් දිගටම සිදුකිරීමට කටයුතු කරනු ලබයි.

Read more

Local News