අරලියගහ මන්දිරයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දස දෙනෙක් තුවාල ලබා ඇත.
මේ වන විට ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් මෙය කුමන කරුණක් මුල් කර ගනිමින් සිදු වුයේද යන්න තවම තහවුරු වී නැහැ.
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් අරගලකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරය, ගාලු මුවදොර පිටිය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය අවට රැඳී සිටිනවා.



