වහා සාමය ස්ථාපිත කරන්න – ත්‍රෛනිකායික මහනාහිමිවරුන්

Share

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්ෂාවන් ඉටුකර රට තුළ වහා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසනවා.

රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රටේ ආරක්ෂාව මෙන්ම ජන ජීවිතද දැඩි තර්ජනයට ලක්ව ඇති බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

ජන ජීවිත සුරක්ෂා කොට ජනතා ගැටළු විසඳීමෙහි ලා නිසි සැලැස්මක් නොමැති, අත්තනෝමතික බල අරගලයක් තුළින් සිදුවන්නේ තවදුරටත් රට අරාජික වීම බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

Read more

Local News