අදත් රට පුරා විරෝධතා

Share

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද මීගමුව තෙල්වත්ත හන්දියේ දී විරෝධතාවයක් පැවැත්වුණා.

”74 වසරක් පුරා මේ රට කළ ආණ්ඩුව පන්නා දමමු” මැයෙන් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ පොළොන්නරුව නගරයේදී.

කහටගස්දිගිලිය හන්දියේදී ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. ආණ්ඩුවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම මෙහිදී සිදුවුණා.

ගාල්ල ගෝඨා ගෝගමදීත් උද්ඝෝෂණයක් පැවැත්වුණා.

Read more

Local News