කොළඹින් බැහැර ප්‍රදේශවලට ඊයේ දින සිට ලිට්‍රෝ ගෑස් බෙදාදීම සිදු වූ අතර එය අද දිනත් ක්‍රියාත්මකයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී නිවසේ මැයි මාසයේ විදුලි බිලද රැගෙන ආ යුතු බව ලිට්‍රෝ සමාගම දැනුම් දී තිබෙනවා.
ඒ තොග රැස්කර ගැනීම නැවැත්වීමේ අරමුණින්.
නුවරඑළිය සහ මස්කෙළිය යන නගරවල ජනතාවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා දීම අද සිදු වුණා.
දින දෙකකට වැඩි කාලයක් තිස්සේ ලිට්‍රෝ ගෑස් පැමිණීමේ අපේක්ෂාවෙන් බද්දේගම නගරයේ ජනතාව බලා සිටිනවා.
ඒ අනුව ගෑස් ලබා ගැනීමේ අරමුණින් දහසකට අධික ජනතාව බද්දේගම පොළ භූමියේ රැඳී සිටින්නේ මේ ආකාරයටයි.



